Thursday, January 26, 2023

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 4

 

Fiber Optic තාක්ෂණය - ලිපිපෙල 4

මේ ෆයිබර් ඔප්ටික් ලිපිමාලාවේ හතරවන ලිපියයි. මෙතෙක් පල කල ලිපි මාලාවෙන් Optical Fibers යනු කුමක්ද, ඒවායේ වර්ග මොනවාද, optical fiber වල භාවිතය, Total Internal Reflection යනු කුමක්ද, Fiber-Optic Relay System එකෙහි ආකාර ආදිය පිලිබදව සැකෙවින් විස්තර කලා. ඉතින් මේ සම්බන්ධව අවබෝධයක් නැති කෙනෙකු ලිපි පෙල මුල ඉදන් කියවලම එනවනම් හොදයි කියලයි මම හිතන්නේ. අද කතාකරන්න යන්නේ ෆයිබර් ඔප්ටික් නමින් හදුන්වන තාක්ෂණය මෙතරම් දුරකට මේ විදුලි සන්දේශනය කියන කටයුත්ත පහසු කිරීමට බලපෑ හේතු සාධක මොනවාද යන්න පිලිබදචයි. අපි බලමු ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන වාසි හා ආර්ථිකමය ලාබයන් මොනවාද කියලා. ෆයිබර් ඔප්ටික් කේබල් එකක තියෙන අවාසි ඉතා අඩුයි වාසිවලට වඩා. මොකද එහි තියෙන electrical system එක විශිෂ්ටයි. ඉතින් මේ යටතේ මූලිකවම අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක් හා මෙතෙක් කල් භාවිතයට ගත් සම්ප්රටදායික කේබලයක් ( metal wire/copper wire)සංසන්දනය කලවිට එහි තිබෙන වෙනස්කම් පිලිබදවයි. මේ වෙනස තමයි සන්නිවේදන තාක්ෂණය මෙතරම් දියුණු තලයකට රැගෙන ඒමට හේතු වූ සාධකය වූයේ. අපි ඒ සාධක කරැණු වශයෙන් අරගෙන බලමු.





1
අඩු වියදම (Less expensive) - සැතපුම් කිහිපයක් දිග optical cable එකක් ඒ හා සමාන length එකකින් යුත් copper wire එකකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කරගත හැකියි. ඉතින් මෙයින් අපිට මූල්ය්මය වශයෙන් වැයවන මුදල අඩුකර ගත හැකියි.



2
සිහින්බව (Thinner) - ඔප්ටික් කේබල් එකක කවයේ විෂ්කම්භය, copper wire එකකට වඩා අඩුය. එබැවින් ඔප්ටික් කේබල් එකක ඝණත්වය සිහින්වනවා සේම පොඩි ඉඩක වැඩි කේබල් සංඛ්යා වක් ඇසිරිය හැකිය.



3
කේබලය තුලින් විශාල ධාරිතායවයක් ගෙනයාමේ හැකියාව (Higher carrying capacity) - copper wire එකකට වඩා අඩු විශ්කම්භයක් ඇති නිසා එවැනි කේබල් ගොන්නකට වඩා වැඩි optical cable සංඛ්යා්වක් බන්ඩ්ල් එකක් තුලඇසිරිය හැක. එබැවින් ඉතා විශාල පරිමාණයෙන් දත්ත හැසිරවීමේ හැකියාව ඇත. දුරකතන රැහැන් විශාල සංඛ්යා්වක් තනි කේබලයකින් රැගෙන යාමටත් හෝ තවත් අතිරික්ත TV Channels විශාල සංඛ්යාිවක් එකම මාර්ගයෙන් ඔබේ නිවසට ලබාදීමටත් මෙය ඵලදායී වේ.



4
සංඥාවලට හානිවීම අවමවීම (Less signal degradation) - copper wire එකක දත්ත ගෙනයාමේදී loss වන දත්ත ප්රමාණයෙන් ඉතා සුලු ප්රතිශතයකි ‍ optical cable කේබල් එකක් හරහා දත්ත ගෙනයාමේදී ක්ෂය වන්නේ. copper wire එකකදී නම් ඉතා දිගු දුරක් දත්ත ගෙනයාමේදී එම කම්බියට විදුලිය වශයෙන් වැයවන ප්රමාණය වැඩි නිසාම ක්ෂය වන දත්ත පරාසයද වැඩිය.



5
දත්ත ගෙනයාමේදී ආලෝක සංඥා භාවිතා කිරීම (Light signals) - copper wire එකක් තුලින් දත්ත ගමන් කරන්නේ විදුලිය වශයෙනි. optical cable එකක දත්ත ගමන් කරන්නේ ආලෝකය වශයෙනි. ඉතින් copper wire දෙකක් එක ලගින් ගමන් කරන විට එකකින් අනිකට වන බලපෑම් වැඩිය. නමුත් Fiber Optic එකක දත්ත ගමන් කරද්දී එතුල ගමන් කරන්නේ ආලෝකය බැවින් කිසිදු ආකාරයේ ඇගිලි ගැසීමක් සිදු නොවේ. එනිසා Optical fiber වලට ඉතාලගින් වැඩි දුරක් ගමන් කල හැකිය.



6
අඩු විදුලියක් වැය වීම (Low power) - Optical fiber එකක් දුර ගමන් කිරීමේදී දත්තවලට වන හානිය ඉතා අඩු බැවින් ඒවාට අඩු විදුලියක් වැය වන transmitters භාවිතා කල හැක. නමුත් copper wire සදහා high-voltage electrical transmitters යෙදවිය යුතුය. ඒ copper wire දුර ගමන් කිරීමේදී දත්තවලට සිදුවන හානිය වලක්වා ගැනීම සදහාය. එය මුල්යුමය අතින් වාසි ගෙනදීමට හේතුවකි.



7
ඩිජිටල් සංඥා ගෙනයාමේ හැකියාව (Digital signals) - Optical fibers උපතින්ම නිපදවා ඇත්තේ ඩිජිටල් සංඥා ගෙනයාමේ අදහසිනි. එනම් copper wire තුලින් binary and numeric සංඥා ගෙනයන නිසා ඊටත් එහා ගිය සංකීර්ණ වූ දත්තයන් ගෙනයාමේ අඩුව පිරවීම සදහා මෙම අද්විතීය තාක්ෂණය බිහිවිය. Optical fibers ඔස්සේ ඩිජිටල් සංඥා ගෙනයන බවට සරලම උදාහරණය ලෙස පරිගණක ජාලකරණයේදී එහි ඇති භාවිතයන් දැක්විය හැක.



8
නොදැවෙනසුළුබව (Non-flammable) - copper wire තුලින් වගේ, Optical fibers හරහා විදුලිය ගමන්

නොකරන බැවින් එහි ඇති fire hazard එක අඩුය.



9
නියමිත ප්රකමාණයට වඩා අඩු බර ඇති බව (Lightweight) - එනම් Optical fiber එකක බර හා අවකාශයේදී ගන්නා ඉඩ පරිමාණය අඩු බැවින් copper wire එකකට වඩා ground එකක lay කිරීමේදී වාසිදායකය. මෙහි ground යනු වෙන් හැදින්වූයේ පිට්ටනියක් නොවේ. අප එය භාවිතා කිරීමට යන පසුතලයයි. copper wire එකක් ගත්විට එය උපතින්ම නිමවා ඇත්තේ කම්බියෙන් නිසා බර වැඩිය.



10
දුර ගෙන යාමේ හැකියාව (Distance) - ආලෝක සංඥා කිසිදු උපකරණයක් භාවිතයෙන් තොරව ඉතා දිගු දුරකට ගෙනයාමේ හැකියාව පවතී.



11
ප්රරතිරෝධය (Resistance) - විද්යුංත්චුම්බක, විකිරණ, ආසන්නයෙන් ඇදෙන විදුලිය සහිත කේබල්වලට පවා ඉතා ඉහල ප්රිතිරෝධයක් දක්වයි.



12
ආරක්ෂාව (Secure) - Optical fiber එකක් ගමන් කරන දත්තවල ආරක්ෂාව වැඩිය. ඒ එහි tapping වලට ඇති ප්රරතිරෝධය හේතුවෙනි. radio frequency interference වලට මෙන්ම jamming සදහාද Optical fiber එකකින් ලැබෙන් සහාය අල්පය. ඇමරිකාවේ රාජ්ය ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් United States Department of Defense එක මෙම fiber optics තාක්ෂණය දැනට අවුරැදු 25 ටත් ඈත සිට භාවිතා කරන්නේ එම හේතු නිසාය.




13 නම්යrශීලීබව (Flexible) - Optical fiber එකක ඇති නම්ය ශීලීත්වය නිසා එනම් අවශ්යද පරිදි ඕනෑම අතකට නමා ගතහැකි බැවින් හා නැමී ඇති තැන්වලින් වුවත් ආලෝකය transmit කිරීමට මෙන්ම receive කිරීමටත් හැකි බැවින් මේවා digital camera සදහා බහුලව භාවිතා වේ.



• Medical imaging (
වෛද්යැ පරීක්ෂණවලදී) - bronchoscopes, endoscopes, laparoscopes ආදී නම් වලින් යුතුව සැත්කම්වලදී සිරුර ඇතුළ බැලීමට යොදාගන්නා උපකරණ වශයෙන් භාවිතා වේ.

• Mechanical imaging (
මෝටර් කාර්මික ක්ෂේත්රයේදී) - මෝටර් රථයක නොයෙක් ස්ථානවල කල mechanical welds පරීක්ෂා කිරීමටත් engine වල අඩුපාඩු සෙවීමටත් මේ ආකාරයේ කැමරා භාවිතා කරයි. (in airplanes, rockets, space shuttles, cars)

• Plumbing (
ජලනල කර්මාන්තයේදී) - මෙහිදී බොහෝවිට කසළ කාණුවල නොයෙකුත් Block වීම් සෙවීමට භාවිතා කරයි.



ඉතින් Optical fiber එකක් හා copper wire එකක් සංසන්දනය කිරීමේදී Optical fiber එකකින් ලැබිය හැකි මෙවැනි වාසි හා ආර්ථික ලාභ හේතුවෙන් වර්තමානයේදී telecommunications සහ computer networks ක්ෂේත්රථයේ වැඩිවශයෙන් මෙම තාක්ෂණය භාවිතා කරනු දැකිය හැක. උදාහරණයක් ගත්විට ඔබ යුරෝපයේ සිට ඇමරිකාවට(or vice versa) කතාකරන්නේ යැයි සිතමු. මෙහිදී සිදුවන්නේ අදාල රටේ tower එකකසිට satellite එකකට දුරකතන සංඥාව පැන bounce වෙමින් ගමන් කිරීමයි. ඔබට නිතරම ඒ දුරකතන සංවාදයේ ඇති අපැහැදිලි ගතිය පිළිරැව් දෙන ගතිය දැනෙනු ඇති. නමුත් එම සංවාදයම අත්ලන්තික් සාගරය හරහා ඇද ඇති fiber-optic cable එකකින් ඇසුනොත් කොහොම තියේවිද. හරියටම මේ ලග ඉදන් කතා කරනවා වගේ ඔබට දැනේවි. ඒ තරම් Pure කනෙක්ෂන් එකක් තමා එතනදි නිර්මාණය වෙන්නේ.



ඔයාලගේ දැනුමට යමක් ඒකතු කර ගන්න ඇති කියලා මම හිතනවා. ඉලග කොටසින් නැවත හමුවෙමු.

                      ***************තෙරුවන් සරණයි***************

I am lahiru chathuranga. 

click hire >>> chathu tech show youtube channel



No comments:

Post a Comment